බේරුවලින් මුහුදු ගිය ධීවර යාත්‍රාව මාලදිවයින වෙරළ ආරක්ෂක බළකාය මුදාගනී

Share

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් කාර්මික ‍දෝෂයක් හේතුවෙන් දින ගණනාවක් මුහුදේ පාවෙමින් තිබියදී මාල දිවයිනේ වෙරළ ආරක්ෂක බළකාය මඟින් මුදාගෙන එහි එක් දූපතකට ගෙන ගොස් තිබේ. එහි සිටි ධීවරයෝ හය දෙනා දින තුනකට අධික කාලයක් නිරාහාරව සිට ඇති අතර ඔවුන් දිවි ගලවාගෙන ඇත්තේ ධීවර යාත්‍රාවේ තිබූ අයිස් කැට දිය කර පානය කිරීමෙනි.

දින ගණනාවක් විදුලි ආලෝකය නොමැතිව මහ මුහුදේ නැව් ගමන් කරන මාර්ග හරහා මෙම යාත්‍රාව පාවී ගොස් ඇත.

මෙම යාත්‍රාවේ නියමුවා උතුරු කළුතර දකුණු ශ්‍රී සුමංගල පාරේ පදිංචි වල්ගම කංකානම්ගේ උපාලි (53) වන අතර බේරුවල නල්ලහේන පදිංචි මග්ගොන ගුරුන්නාන්සේලාගේ චම්පික නිශාන්ත සිල්වා (39) , බේරුවල කරඳගොඩ පදිංචි කුමරප්පෙරුම ආරච්චිගේ සමන් උදයංග (22) , මග්ගොන මුංහේ‍ෙන් පදිංචි කුමාරපෙරුම ආරච්චිගේ දසුන් චින්තක (25) බේරුවල, කරදගොඩ පදිංචි කුමාරප්පෙරුම ආරච්චිගේ උදය චතුරංග (24) හා බේරුවල ඩයස්වත්තේ පදිංචි කුරුපයියා පුෂ්පකුමාර (23) යන අය එහි ගමන් කළ සෙසු ධීවරයෝ වෙති.

Read more

Local News