ගතවු පැය 24ට අමෙරිකාවේ සහ ප්‍රංශයේ මරණ දහස ඉක්මවයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය විමෙන් අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24 තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

 

අමෙරිකාවේ පුද්ගලයන් 1320 දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රංශයේ ඊයේ(03) දිනය තුළ මියගිය සංඛ්‍යාව 1120ක් වෙයි.

ස්පාඤඤයේ 850ක් , ඉතාලියේ 766ක් සහ බ්‍රිතාන්‍යයේ 684ක් මියගිය පිරිසට අයත්.

ඒ අනුව වෛරසය හේතුවෙන් අද වන විට මිය ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව පුද්ගලයින් පනස් නව දහසකට අධික වෙයි.

වැඩිම අසාධිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනයේ දිත් අමෙරිකාවෙන් වාර්තා වු අතර එම සංඛ්‍යාව 32, 088ක් බව වාර්තා වෙයි.

ලොව පුරා පුද්ගලයින් එකොළොස් ලක්ෂයකට ආසන්න පිරිසකට වෛරසය ආසාධනය වී තිබේ.

Read more

Local News