පසුගිය වසර තුන තුළ රුපියල් කෝටි තුන්දහස් හාරසියයක මත් ද්‍රව්‍ය අත්අඩංගුවට

Share

පසුගිය වසර තුන තුළ රුපියල් කෝටි තුන්දහස් හාරසියයක මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන තිබේ. මහා පරිමාණ සුළු පරිමාණ සහ වෙනත් විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය ඊට ඇතුළත් වෙන අතර ඒ සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද දෙස් විදෙස් සැකකරුවන්ගේ සංඛ්‍යාව තුන් දහස ඉක්මවා ගොස් තිබේ.

නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පෙන්වා දෙන්නේ එම මත්ද්‍රව්‍යවල වටිනාකම පොලිස් දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂයෙන් අඩකටත් වඩා වැඩි බවත්, ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සමග සම්බන්ධ වී මෙරට සිදු කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් කඩා විනාශ කළ යුතු බවට රජය දැඩි තින්දුවක සිටින බවයි.

ඒ සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට රජය කටයුතු කර ඇති අතර ආරක්ෂක අංශ, බුද්ධි අංශ, සමග අන්තරායකර ඖෂධක පාලක ජාතික මණ්ඩලය, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දුම්කොල සහ දුම්වැටි විරෝධි අධිකාරිය මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බළකාය යන සෑම අංශඨක්ම එකට එකතු වී ජාත්‍යන්තර රටවල ආරක්ෂක අංශ සහ බුද්ධි අංශද මත්ද්‍රව්‍ය විරෝධි සංවිධානද එකතු කර ගැනීමට රපය කටයුතු කර තිබේ. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එමආයතන එකට එකතු වුවහොත් මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන් අඩපණ කළ හැකි වන බවයි. මේ වන විට ජාත්‍යන්තර සංවිධාන රැසක සහභාගිත්වය ඇතිව බුද්ධි අංශ සහ ඔත්තු සේවා ශක්තිමත් කරමින් මත්කුඩු ජාවාරම්කරවන්ගේ ජාලය අඩපණ කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කෙරෙන බව අමාත්‍ය සාගල රත්නායක මහතා හෙළිදරව් කළේය.

Read more

Local News