කොවිඩ් නයින්ටීන් නිසා ලොව පුරා 60000 අධික පිරිසක් මිය යයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් ගණන අද (04) දිනය වනවිට හැටදහස ඉක්මවා ‌ගොස් ති‌‌බේ.

 

වැඩිම ආසාදිතයන් ගණන තවදුරටත් අමෙරිකාවෙන් වාර්තා වු අතර ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් නව ආසාදිතයන් 601 දෙනෙකු වාර්තා වී ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරසය මේ වන විට දක්ෂිණ ධ්‍රැවය හැරෙන්නට ලොව සෙසු සියලුම මහාද්වීප ආක්‍රමණය කර අවසන්.

ඉන් ගෝලීය මරණ 60378 ක් වාර්තා වී ඇති අතර වාර්තා වන ආසාදිතයන් ගණන එකොලොස් ලක්ෂ 33000 ඉක්මවා තිබේ.

ඒ අතරින් සම්පූර්ණ සුවය ලබා ඇති ගණන 235,000 කට ආසන්නයි.

Read more

Local News