කැබ්-යතුරුපැදි අනතුරකින් කතුන් 2ක් ජිවිතක්ෂයට

Share

මන්නාරම, මුරුන්කන්, පරප්පකන්ඩාල් ප්‍රදේශයේ ඊයේ (09) සවස සිදුවු රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම පොලීසිය පවසයි.

 

කැබ් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් සහෝදරියන් දෙදෙනෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.

මන්නාරම, මුරුන්කන් දෙස සිට පැමිණි කැබ් රථයක් මන්නාරම නගරයේ සිට මුරුන්කන් දෙසට ගමන්ගත් යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූවන් මන්නාරම රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ අනතුරින් සන්දියෝගු ලින්ඩා නමැති 40 හැවිරිදි කාන්තාවක් හා සන්දියෝගු ටෙරන්සි නමැති 25 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මන්නාරම පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News