නාවික හමුදාවෙන් කොළඹ ජාතික රෝහලට විෂබීජහරණ කුටියක්

Share

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද තවත් විෂබීජ හරණ කුටියක් අද (10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.

 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද විෂබීජ හරණය සිදු කල හැකි කුටියක් කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම අද සිදු කරන ලදි.

එම රෝහලෙහි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන් විසින් නාවික හමුදාධිපතිගෙන් සිදු කල ඉල්ලීමකට අනුව මෙම විෂබීජ හරණ කුටිය ලබා දීමට කටයුතු කරන ලද අතර විශේෂයෙන් දෛනිකව ප්‍රථිකාර ලබා ගැනීම සදහා මහජනතාව විශාල ප්‍රමාණයක් මෙම රෝහල වෙත පැමිණෙන බැවින් එම මහජනතාවගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව උදෙසා මෙම විෂබීජ හරණ කුටි ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි.

තවද, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද මෙවැනි විෂබීජ හරණ කුටි මේ වන විට රෝහල් කිහිපයක් වෙත ලබා දීමට කටයුතු කර ඇති අතර, කොරෝනා වෛරසය ආසාධිතයින්ට ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක්ද නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත ලබා දීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

Read more

Local News