හෙට මහනුවරදී එක්සත් ජාතික පෙරමුණේ ආරම්භක රැලිය අගමැති ප්‍රධානත්වයෙන්

Share

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භක ප්‍රචාරක රැළිය පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) ඓතිහාසික මහනුවර නගරයේදී පැවැත්වේ.

අගමැතිවරයා සහභාගි වන ප්‍රචාරක රැළිවලට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අැමැති කබීර් හෂිම් මහතා දිස්ත්‍රික් සම්මන්ත්‍රණ 25 ක් ඇමැතීමට නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාශයකම එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් දිනකට වතු රැස්වීම් 10 බැගින් පැවැත්වීමටද සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.

Read more

Local News