ආර්ථික අපහසුකම් ඇති දරුවන්ට විශේෂ වැඩපිළිවෙළක්

Share

පාසල් යා යුතු වයසේ පසුවන ආර්ථික අපහසුකම් හේතුවෙන් පාසල් යාමේ දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර එළඹෙන අයවැය යෝජනා සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යෙදෙන සැප්තැම්බර් 08 නිමිති කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා ඊයේ (30) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News