ළඟම පාසල හොඳම පාසලයි – රුපියල් මිලියන 2700ක් පාසල් සංවර්ධනයට

Share

ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට අත්පත්කරදීමේ ජාතික අවශ්‍යතාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් අංග සම්පූර්ණ පාසල් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාවට නැංවේ.

2016 වසරේ මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයිනේ සියලු පළාත්වල හඳුනාගත් පාසල් සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් මෙම වසරේ ගත වූ පළමු දෙසතිය තුළ රුපියල් මිලියන 2700ක් මුදාහැර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය, නව ගොඩනැගිලි ඉදිකිරීම් සහ හඳුනාගත් ප්‍රතිසංස්කරණ කටයුතු මෙම සංවර්ධන ව්‍යාපෘතින් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, මේ යටතේ ජාතික පාසල් 282ක් සහ පළාත් පාසල් 9063ක් ආවරණය කෙරේ.

වර්ෂ 2016-2020 කාලසීමාව තුළ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන සඳහා වෙන් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 65කි. පසුගිය වසර අවසන්වනවිට රුපියල් බිලියන 25ක සංවර්ධන කටයුතු පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නංවා අවසන් කර තිබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News