කොරියානු රජයේ ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ඉදි කිරීමට යන ප්‍රථම බහු කාර්ය ධීවර වරායන් 4 ට අදාළ පාරිසරික ඇගැයීම් වාර්තාව කොරියානු සාගර හා ධීවර අමාත්‍යාංශය විසින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය වෙත බාර දී ඇත.
උතුරේ චලෙයි, මාදගල්, ඩෙල්ෆ්ට් සහ උඩප්පුව ප්‍රදේශ ආශ්‍රිතව ඉදි කෙරෙන මෙම බහු කාර්ය වරායන්ට අදාල මූලික ශක්‍යතා අධ්‍යයනය සිදු කොට ඇත්තේ කොරියානු සාගර හා ධීවර සම්පත් අමාත්‍යාංශය සහ එරට පූසාන් විශ්ව විද්‍යාලය විසිනි.
මෙම වරායන් ඉදි කෙරෙන ප්‍රදේශ වල පාරිසරික, සමාජ, සංස්කෘතික මෙන්ම ආර්ථික උපාය මාර්ග, ජනගහණ වර්ධනය පුද පහසුකම් සංවර්ධනය සහ වරායන්හි පහසුකම් වැඩි දියුණු විය යුතු අන්දම මෙම ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ දක්වා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා පැවසීය.
මෙම ශක්‍යතා අධ්‍යයන වාර්තා කොරියානු සාගර සම්පත් ධීවර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ හියෝ ජුන්ගෝ මහතා විසින් ඉකුත් 17 දා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත බාරදී තිබේ.