ග්‍රාමනිලධාරීන් සඳහා නිල සෙවණ කාර්යාල 14,000 ක්

Share

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ග්‍රාමනිලධාරීන් සඳහා නිල සෙවණ කාර්යාල 14,000 ක් සියළු ග්‍රාමනිලධාරී කොට්ඨාශ ආවරණය කරමින් ඉදිකිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කොට තිබේ.

මේ තුළින් ග්‍රාමනිලධාරීන්ට වඩාත් පහසුවන සිය සේවාව ඉටුකිරීමට අවකාශ සලසන අතර, ජනතාවට ග්‍රාමනිලධාරීවරයා පහසුවෙන් මුණගැසීමට නිශ්චිත ස්ථානයක් හිමිවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මේ වන විටත් රුපියල් ලක්‍ෂ 20,000 ක් වැය කොට නිල සෙවණ කාර්යාල 1000 ක් ප්‍රථම අධියර යටතේ ඉදිකිරීමට පියවර ගැනේ.

ග්‍රාමනිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්‍යයයේ ඉටුකරන මෙහෙවර අමාත්‍යංශය හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගේ සේවයට ඇවැසි පහසුකම් තවදුරටත් දියුණු කිරීමට ලැප්ටොප් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතියටක් ද ක්‍රියාවට නංවා ඇති අතර, කාර්යාලයීය පහසුකම් වැඩි දියුණු කිරීමට තවදුරටත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

Read more

Local News