කොරෝනා ආසාදිතව සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 250ක්

Share

කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

 

මෙම නාවික හමුදා පුද්ගලයින් 13 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා සාමාජිකයින් 250ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read more

Local News