ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 19 දෙනා නාවික හමුදා සමාජිකයින්

Share

ඊයේ(23) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

සෙසු ආසාදිතයින් දෙදෙනා ඩුබායි මෙරටට පැමිණි අයවලුන් බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

මේ අතර මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැණුනි.

ඉන් වැඩිම පිරිසක් නාවික හමුදා සාමාජිකයන් වන අතර තවත් දෙදෙනෙකු විදෙස්ගතව සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල රැදීසිටි අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.

මේ වන විට රෝගීන් 660 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

තවත් ආසාදිතයින් 420 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

ගත වූ සති 03ක කාලය තුළ මෙරට සාමාන්‍ය සමාජයෙන් කිසිදු වෛරස් ආසාදිතයෙකු හමු නොවීම විශේෂත්වයකි.

Read more

Local News