ඉන්දියාවේ දෛනික අසාදිතයින් ගණන 6000 ඉක්මවයි

Share

අඛන්ඩව 07 වන දිනටත් ඊයේ (27) දිනයේ ඉන්දියාවේ දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 6000 ඉක්මවා තිබේ.

 

වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වූ රටවල් අතර 10 වනස්ථානයේ පසුවන ඉන්දියාවෙන් මේ වන විට සමස්ත වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 58,333දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගත වූ පැය 24 තුළ තවත් මරණ 194ක් සිදු විමත් සමග වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ද 4534ක් දක්වා ඉහල ගොස් තිබේ.

කෙසේ වෙතත් සමස්ත ආසාදිතයින්ගෙන් 67,000කට වැඩි පිරිස්මේ වන විට පුර්ණ සුවය ලබා ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා රට වසා දැමිමේ කාලසීමාව ලබන ඉරිදා දිනයෙන් අවසන් විමට නියමිත අතර එය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්නපිළිබඳ මෙතෙක් ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කර නොමැති බව ද සදහන්.

Read more

Local News