කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට ජල සැපයුම අත්හිටුවයි

Share

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(30) දිනයේ දී ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව අද උදෑසන 9.00 සිට හෙට(31) 31 දින අලුයම 3.00 දක්වා පැය 18 ජල කප්පාදුවක් කොළඹ 02, 03, 07, 08, 09, සහ 10 යන ප්‍රදේශවල සිදු වෙනු ඇත.

‍මීට අමතරව කොළඹ 1 යන ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read more

Local News