සුවය ලැබු කොවිඩ් ආසාදිතයින් ගණන 839ක් දක්වා ඉහළට

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස්ව තිබේ.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 839ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1749කි.

තවත් රෝගීන් 899 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.