“නිල සෙවණ” ව්‍යාපෘතිය යටතේ සියලු රාජ්‍ය සේවකයින්ට නිවාස

Share

සියලු රාජ්‍ය සේවකයින් සඳහා “නිල සෙවණ” ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ සිට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මෙහි පළමු පියවර ලෙස මෙම වසර අවසන් වීමට පෙර නිවාස 10,000 ක් රාජ්‍ය සේවකයින්ට ලබා දීමට සැලසුම් කර තිබේ. මේ වනවිට මහනුවර, පොළොන්නරුව, මොණරාගල, ගම්පහ සහ කොළඹ කේන්ද්‍ර කොටගෙන නිල සෙවණ ව්‍යාපෘතිය යටතේ රජයේ සේවකයින් සඳහා නිවාස සහ නිල නිවාස ඉදිකිරීමට කටයුතු කර ඇත.

මෙයට අමතරව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය ය‍ටතේ රජයේ සේවය නවීකරණය කිරීමේ විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ තුළින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිගණක තාක්ෂණයෙන් සවිමත් කිරීමට සැලසුම් කර ඇත.

රාජ්‍ය සේවකයින් සඳහා මූලික වැටුප රු. 10,000 වර්තමාන රජයෙන් වැඩි කළ අතර, එය රාජ්‍ය සේවය සඳහා ඉතිහාසයේ සිදු කළ වැඩිම වැටුප් වැඩි කිරීම බවත් 2006 සිට පැවැති විශ්‍රාම වැටුප් විෂමතාවයන් මගහරවා ජුනි මස වැටුප් වැඩිකිරීමට පියවර ගෙන අැත.

Read more

Local News