ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 288ක් දිවයිනට

Share

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

 

මෙම ගුවන් මගීන් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 206 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.30 ට ඕමානයේ මස්කට් නුවර ගුවන් තොටුපළෙන් පිටත් වී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසු, පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කර තිබේ.

Read more

Local News