ගුවන් හමුදාවේ නව නිෂ්පාදන අංශ දෙකක් විවෘත කරයි.

Share

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ඊයේ (25) කටුනායක ගුවන් හමුදා කඳවුරේදී කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඉදිකරන ලද රබර් මිශ‍්‍ර කොහු මෙට්ට නිෂ්පාදන අංශය සහ ඉවතලන කඩදාසි ප‍්‍රතිචක‍්‍රීකරණ අංශය විවෘත කිරීම සිදු කෙරිණි.

මෙම නිෂ්පාදන අංශයන් ස්ථාපිත කිරීම තුළින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අවශ්‍යතාවයන් සඳහා රබර් මිශ‍්‍ර කොහු මෙට්ට සහ කඩදාසි නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි.

මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සහ ස්ථාපිත කිරීමේ කටයුතු ගුවන් හමුදාධිපතිවරයාගේ පූර්ණ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා විධායක පර්යේෂණ හා සංවර්ධන නිළධාරී එයාර් කොමඩෝර් ජේ.පී. බාලසූරිය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු පර්යේෂණ හා සංවර්ධන අංශයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්.ඩබ්.සී.පී. බෝධිසීල විසින් සිදු කරන ලදී.

 

Read more

Local News