පළමුවරට කාන්තාවන් සඳහා මැතිවරණ කෝටාවක්

Share

කාන්තා සම්පත් මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක සුමිකා පෙරේරා මහත්මිය “පළාත් පාලනය තුළ 25%ක කාන්තා කෝටාවේ වැදගත්කම” සම්බන්ධයෙන් ඊයේ (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ ලංකා ඉතිහාසයේ පළමුවරට කාන්තාවන් සඳහා මැතිවරණ කෝටාවක් ලැබීම භාග්‍යයක් බවයි.
වසර 20ක පමණ අරගලයක ප්‍රතිඵලයක් ලෙස ලැබූ මෙම ජයග්‍රහණය අනාගත පළාත් පාලනයේ නව හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි ද මෙම කර්තව්‍ය ඉටුකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජයට ස්තූතිවන්ත වන බවත් දකුණු ආසියාවේ රටවල්හි මැතිවරණය ක්‍රමයන්හි පංගු ක්‍රමයක් නොතිබුණු එකම රට ශ්‍රී ලංකාව බවත් පෙරේරා මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවට එක්වෙමින් විලිතු සංවිධානයේ මෛත්‍රී රාජසිංහම් මහත්මිය පළාත් පාලන ආයතනයන් හි 25%ක ආසන ප්‍රමාණයක් කාන්තාවන් සඳහා වෙන්වීම ඉදිරියේ දී කාන්තාවන් සඳහා නව අවස්ථාවන් උදාවන්නක් බවත් ලංකාවේ කාන්තා ජනගහනය බහුතරයක් වුවත් දේශපාලන නායකත්වය සඳහා යොමුවීමේ දී අඩුවක් දක්නට ලැබෙන බවත් පෙන්වා දුන්නාය.

Read more

Local News