බස්නාහිර පළාතේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 470ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාත තුළ සිදුකළ මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම්වලදී පුද්ගලයින් 470 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ(4) උදෑසන 6.00 සිට අද(5) උදෑසන 5.00 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකර ඇත.

එහිදි හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 156 දෙනෙකු, ගංජා ළඟ තබාගත් සැකකරුවන් 105 දෙනෙකු සහ නීති විරෝධී මත්පැන් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 153 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව අයිස් ළඟ තබාගත් සැකකරුවන් 24 දෙනෙකු, ගෝඩා ළඟ තබාගත් සැකකරුවන් 09 දෙනෙකු සහ වෙනත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read more

Local News