2025 දී දියුණු ශ්‍රී ලංකාවක් අැති කිරීමට බලාපොරොත්තු වෙනවා – අගමැති

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(25) බදුල්ල නගරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියකට සහභාගී විය. එහිදි අගමැති ප්‍රකාශ කළේ,

එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කිරීමේ අභියෝගය බාර ගන්නා බවත් දියුණු ශ්‍රී ලංකාවක් 2025 දී ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු සිදු කරන බවයි.

මේ වන විට රටේ ආරම්භ වී තිබෙන සංවර්ධනය සහ නිදහස් සමාජය පෙරට ගෙන යා යුතු යයිද පැවසූ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ බලය ගමට ගෙන එමින් ගම සංවර්ධනය කිරීමට නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙමු යයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඇල්ල නගරය සංවර්ධනය කිරීමේ වැඩ සටහනක් ආරම්භ කරන බව ද කී අග්‍රාමාත්‍යවරයා බදුල්ල සහ බණ්ඩාරවෙල සංචාරක සහ සංවර්ධනය වූ නගර බවට ඉදිරියේ දී පත්වන බව ද කීය.

අමාරු කාලය අවසන් බවද ආණ්ඩුවක් ලෙස තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය සැබෑ කළ යුතු බවත් එහි දී ඔවුන්ට අවශ්‍ය රැකියා ලබා දීමට කටයුතු කිරීම වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

Read more

Local News