පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට අත්හිටුවයි

Share

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ප්‍රාථමික අළෙවිකරුවෙකු ලෙස සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස 6කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

 

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව 2020 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලසීමාවක් සඳහා තවදුරටත් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට අදාළ ව්‍යාපාර කටයුතුවල නිරතවීමට නොහැක.

Read more

Local News