අමෙරිකාවේ අධ්‍යාපනය ලබන විදෙස් සිසුන් අවදානමක

Share

අමෙරිකානු විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන වල ඉගැන්වීම් කටයුතු සදහා මාර්ගගත ක්‍රමවේද අනුගමනය කිරීමත් සමග එරට ඉගෙනුම ලබන විදෙස් සිසුන් රැසකට රටින් පිටවයාම ට සිදුව තිබේ.

 

කොවිඩ් වසංගතය තවදුරටත් ව්‍යාප්තවීම හේතුවෙන් අමෙරිකාවේ අධ්‍යාපනය ලබන සිසුන්ට එරටින් පිටවයාමට සිදුවීමේ අවදානමක් උද්ගතව ඇත.

එම සිසුන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදුකරන්නේ නම් සිසුන්ට රටෙන් පිටවයාමට සිදුවන බව, අමෙරිකානු ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනටමත් නිවේදනය කර තිබීම නිසාවෙනි.

මෙවැනි අධ්‍යාපන ආයතනවල සිසුන් එසේ කිරීම ප්‍රතික්ෂේප කළහොත්, ඔවුන් පිටුවහල් කිරීමට සිදුවනු ඇති බවත් දන්වා තිබුණි.

වසංගතය හේතුවෙන් දැනටමත් අමෙරිකාවේ විශ්වවිද්‍යාල රැසක් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ඉගෙනුම් කටයුතු සිදුකරන අතර ඉදිරියේදී බොහෝ ආයතන ඒ වෙත යොමුවෙමින් සිටියි.

මේ නිසා අමෙරිකානු විශ්වවිද්‍යාලවල මෙන්ම වෘත්තීමය හා පුහුණු පාඨමාලාවල ඉගෙනුම ලබන විදෙස් සිසුන් මිලියන 1.2 කට බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊයේ (06) හඳුනාගැණුනු නව ආසාදිතයින් 49,000ත් සමගින් එරට ආසාදිතයින් ගණන තිස් ලක්ෂය ඉක්මවා ගිය අතර එරට සමස්ත මරණ ගණන 132,961 කි.

Read more

Local News