මහ මැතිවරණය ජය ගත් පසු පළාත් සභා මැතිවරණය – අගමැති

Share

මහ මැතිවරණයෙන් පසු පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,‍ අරණායක පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක දී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මෙම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුව ඇති බවය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මේ තුළින් අහෝසි වී ඇති බව ද පැවසු අගමැතිවරයා, තවමත් පළාත් සභා මැතිවරණය පවත්වා නැතැයි ද පැවසීය.

ජනාධිපතිවරයා විසින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති බවත් එයට ලක්ෂ 69ක් කැමැත්ත ලබා දුන් බව ද පැවසු අගමැතිවරයා එය ක්‍රියාත්මක කිරීමට බැඳී ඇති බවත් කියාසිටියේය.

එම වැඩපිළිවෙල පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට තුනෙන් දෙකක බලයක් තුළින් අවස්ථාවක් ලබා ගත යුතුව ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read more

Local News