තවත් කොරෝනා ආසාදිතයින් 87ක් වාර්තා වෙයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව අද (10) දිනය තුළ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 283ක්.

ඔවුන් සියලුදෙනාම කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇත.

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (9) දිනයේ හඳුනාගත් ආසාදිතයින් 56 දෙනා ද සමග අදාළ මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 339කි.

මේ අතර අද හඳුනාගත් ආසාදිතයින් ද ඇතුළුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2437ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News