කටකතා වලට නොරැවටෙන ලෙස අගමැති ජනතාවගෙන් ඉල්ලයි

Share

කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව පැතිර යන කටකථාවලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

පිළියන්දල පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් හෙට (13) සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමු තාවකාලිකව අවලංගු කරන බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණි ලොකුගේ මහතා විසින් පිළියන්දල දී අද මෙම ජන හමුව සංවිධානය කර තිබුණි.

මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව වාර්තා වේ.

Read more

Local News