මුත්තියන්කට්ටු රක්ෂිතයේ අතරමන් වු වෛද්‍ය සිසුන් 9 දෙනෙකු සොයා ගැනේ

Share

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ මුත්තියන්කට්ටු රක්ෂිතයේ ගවේෂණ චාරිකාව යෙදී සිටිය දී අතරමන් වු යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 9 දෙනා අද (16) උදෑසන සොයා ගෙන තිබේ.

 

ඊයේ (15) දිනයේ දී මෙම සිසුන් රක්ෂිතයේ අතරමන් වී ඇති බවට බවට ලද තොරතුරක් මත ඔඩ්ඩුසුඩාන් පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

ඒ අනුව පොලීසිය, ප්‍රදේශවාසීන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වන බලසේනා මුලස්ථානයේ භට පිරිස්වල සහය ඇති ව මෙම සිසුන් අද උදෑසන සොයා ගෙන තිබේ.

Read more

Local News