Home දේශීය පුවත් මැලේසියාවේ මහා කරුණා බෞද්ධ පදනම යාපනයේ දරුවන් 2350ට පාසල් උපකරණ ලබා දෙයි

මැලේසියාවේ මහා කරුණා බෞද්ධ පදනම යාපනයේ දරුවන් 2350ට පාසල් උපකරණ ලබා දෙයි

0
මැලේසියාවේ මහා කරුණා බෞද්ධ පදනම යාපනයේ දරුවන් 2350ට පාසල් උපකරණ ලබා දෙයි

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් මැලේසියාවේ මහා කරුණා බෞද්ධපදනම විසින් යාපනය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පාසල් දරුවන් 2350 දෙනෙකු වෙත පාසල් උපකරණ ලබාදීමක් යාපනය අර්ධද්වීපයේ ස්ථාන 6 කදී උත්සවාකාරයෙන් සිදුකරන ලදී.

යාපනයේ ඌරුම්පිරෙයි හින්දු විද්‍යාලය, උඩුපිඩ්ඩි කාන්තා විද්‍යාලය, නෙල්ලියඩ්ඩි මධ්‍ය මහා විද්‍යාලය, ඉන්නුවිල් අර්.සි.ටි. මහා විද්‍යාලය සහ චාචකච්චේරි හින්දු විද්‍යාලය යන විද්‍යාලයන්හි ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභි පාසල් සිසුන් සඳහා පොත් පත්, පාසල් උපකරණ, අධ්‍යාපනික ආධාරක සහ පාසල් බැග් වැනි මුලික අවශ්‍යතාවයන් මෙසේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් මෙම දරුවන් හට ලබාදීම සිදුකරන ලදි.

මැලේසියාමේ මහාකරුණා බෞද්ධ පදනමේ අනුශාසක මැලේසියාමේ ප්‍රධාන අධිකරණ සංඝනායක බුටාවත්තේ ශ්‍රි සරණංකර හිමියන්ගේ සහ ලෝක තරුණ භික්ෂු සංග සභාමේ මහා ලේඛම් මුගුණුවේල අනුරුද්ද නායක හිමියන්ගේ වැඩමවීමෙන් පැවැත්වුනු මෙම උත්සවය සදහා සඳහා මහාකරුණා බෞද්ධ සංගමයේ සභාපති ජෙකොබ් චැන් ඇතුලූ විදේශ දූත පිරිසක්ද සහභගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here