ලොව මිල අධිකම මුඛ ආවරණය

Share

ලොව මිල අධිකම මුඛ ආවරණය ඊශ්‍රායලයේ ස්වර්ණාභරණ සමාගමක් විසින් නිර්මාණය කර තිබෙන බව වාර්තා වෙයි.

 

සුදු රත්තරන් වලින් නිර්මාණය කර තිබෙන මෙම මුහුණු ආවරණය දියමන්ති වලින් වැඩ දමා තිබෙන අතර එහි මිල ඇ.ඩො.මිලියන 1.5ක් (රුපියල් කෝටි 28 ක්) පමණ වන බවයි සමාගම් වාර්තා සදහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම මුහුණු ආවරණය සැදීම සදහා වන ඇණවුම ලබා දුන් ගැනුම්කරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

Read more

Local News