වතු නිවාස පෙළක ගින්නකින් නිවාස 24කට හානි

Share

ලිඳුල තේ වත්ත ප්‍රදේශයේ වතු කම්කරු නිවාස පෙළියක හටගත් ගින්නකින් ලැයින් කාමර 24 ක් පමණ ගිනිගෙන සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

 

තලවාකැලේ – ලිඳුල පොලිස් වසමට අයත් බඹරකැලේ තේ වත්තේ මැද කොටසේ පිහිටි වතු ලැයින් කාමර පේළියක එක් නිවාසක ඊයේ (10) රාත්‍රී 10.00 පමණ ඇතිවු ගින්නක් හේතුවෙන් එම පේළියට අයත් කම්කරු නිවාස 24ක් සම්පූර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී තිබේ.

ගින්න අද (11) අලුයම 2.00 පමණ වන විටත් නිවා දැමීමට අසීරු වු බව පොලීසිය පවසයි.

ගින්න හේතුවෙන් වතු නිවාසවල පදිංචි පවුල් 24 කට අයත් 70 ක පමණ පිරිසක් අවතැන්ව සිටියි.

ඔවුන්ට මේ වන විට තේ වත්තේ තාවකාලික ස්ථානවල නවාතැන් පහසුකම් සැලසිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.

ගිනි ගැනිමෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුවිමක් වාර්ථා නොවන අතර ගින්න ඇති වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැත.

Read more

Local News