නිරෝගී කෙස් කලඹක් ලබාදෙන කෝමාරිකා සත්කාරය ගැන ඔබත් දන්නවා ද ?

Share

නිරෝගීමත් කෙස් කළඹක් හිමි කර ගැනීමට අපි කවුරුත් කැමති. ඒ සඳහා වැඩි වශයෙන් උනන්දු වන්නේ කාන්තාවන්.

 

හිස කෙස් හැලී යාම, කෙස් කළඹ දුඹුරු පැහැයට හැරීම, කෙස්වල ඝනත්වය අඩුකම, කෙස් වැවීමේ වේගය අවම වීම වැනි දෑ කෙස් කළඹ ආශ්‍රීතව ඇති වන ප්‍රධාන ගැටලු කිහිපයකි.

කෙස් කලඹ ආශ්‍රීත ගැටලු බොහෝමයකට ශාකසාර ආශ්‍රයෙන් විසඳුම් ලබා ගැනීමට පුළුවන්.

කෝමාරිකා කියන්නෙත් කෙස් කලඹ ආශ්‍රීත ගැටලු බොහෝමයකට විසඳුම් ලබා දෙන ශාකසාරයක්.

කෝමාරිකා සත්කාර කරන්නේ මෙහෙමයි.

  • පොල්තෙල් කෝප්පයක් ළිප තබා එයට කෝමාරිකා පිත්තක් පොතු සමඟ ම කපා එකතු කරන්න. එය හොඳින් හින්දවා කෙස් කළඹේ ආලේප කරන්න. දිනක් පමණ තබා සෝදා හරින්න.
  • උළුහාල් සහ කෝමාරිකා හොඳින් තම්බන්න. ඉන්පසු එම යුෂ හිසේ සහ හිසේ සම මත ආලේප කරන්න. විනාඩි 30ක් තබා සෝදා හරින්න.
  • කෝමාරිකා මදයක් සහ බිත්තර සුදුමදයක් හොඳින් බ්ලෙන්ඩර් කරන්න. කෙස් කළඹේ ආලේප කර විනාඩි 30ක් ආවරණය කර තබා සෝදා හරින්න.

මෙවැනි ස්වභාවික සත්කාර කිරිම මඟින් ඔබට නිරෝගීමත් කෙස් කළඹක් හිමි කර ගැනීමට පුළුවන්.

Read more

Local News