නීති විරෝධි ගිනිඅවි නිෂ්පාදනාගාරයක් වටලයි – පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

වලස්මුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධි ගිනිඅවි නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එම ස්ථානයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ටී කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව පතුරොම් 11ක්, හිස් පතුරොම් කොපු 03ක්, පෑස්සුම් යන්ත්‍රයක් සහ ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 61 හැවිරිදි සැකකරු අද(13) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News