අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අගමැති ප්‍රධානත්වයෙන්

Share

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පස්වරුවේ සිදුකෙරුණි.

 

උගත්, බුද්ධිමත් සග පරපුරක් බිහි කිරීම උදෙසා ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය දැක්වු දායකත්වය සුවිශාල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

වසර 200කට අධික කාලයක් ස්ථිර ලිපියනයක් සහිත මධ්‍යස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් නොතිබූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල සඳහා මීට වසර 9කට පෙර මෙම ඉඩම පරිත්‍යාග කර ඇත්තේ එවක ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාය.

මෙම තෙමහල් ගොඩනැගිල්ල අමරපුර මහා නිකායේ පාර්ශ්ව 22හිම ශාසනික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමට සුදුසු වන සේ නිමවා ඇති අතර ගොඩනැගිල්ල නම් කර ඇත්තේ මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් මෙහෙයක් ඉටු කරන ලද “ශ්‍රීමත් සිරිල් ද සොයිසා” මහතාගේ නමිනි.

Read more

Local News