70වන නිදහස් දිනට සමගාමීව අනුරාධපුරයේ නිදහස් උත්සවයක්

Share

70 වන නිදහස් සමරු උළෙලට සමගාමී අනුරාධපුර දිස්ත්‍රික් නිදහස් උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙම උත්සවය පැවැත්වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී ය.

දේශාභිමාන ගීත ගායනය සහ තූර්යවාදන ඉදිරිපත් කිරීම් අනුරාධපුර ප්‍රධාන පාසල් නියෝජනය කරන සිසු සිසුවියන් විසින් සිදු කෙරේ. ත්‍රිවිධ හමුදා උත්තමාචාර ද පැවැත්වේ.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම පාසල් සිසුන් විසින් නිදහස පිළිබඳව අදහස් දැක්වීම ද සිදු කරනු ලැබේ.

Read more

Local News