බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 513ට සීමා වෙයි

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (31) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට කඩුලු 4ක් දැවී ලකුණු 374ක් රැස් කිරිමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූහ.

ඒ අනුව අද (01) දෙවන දිනය නිමා විමට පෙර බංග්ලාදේශ කණ්ඩායමට සියලු ක්‍රීඩකයන්ම දැවි පළමු ඉනිම සඳහා රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 513කි. ඒ පන්දුවාර 129ක් හා පන්දු 5ක් අවසානයේදී ය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණ 514ක ඉලක්කයක්.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මොමිනුල් හක් ලකුණු 176ක් ද, මුෂ්ෆිකර් රහීම් ලකුණු 92ක් ද, මහමුදුල්ලා ලකුණු 83ක් ද රැස් කළේය.

මේ වන විට පන්දුවට පහර දීම අාරම්භ කර අැති ශ්‍රී ලංකා කණ්ඩායම එක් ක්‍රීඩකයෙකු දැවී ලකුණු 14ක් ලබා ගෙන අැත.

 

Read more

Local News