මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2947 දක්වා ඉහළට

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සිව්දෙනෙකු ඊයේ(22) දින හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව ඊයේ (22) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් ගණන 6කි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙක්, චෙන්නායි සිට පැමිණි දෙදෙනෙක් හා අමෙරිකාවේ සිට එක් අයෙක් එසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඔවුන් මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන 2947 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 9 දෙනෙකු ඊයේ (22) සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.

වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 7 දෙනෙකු සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ සිටි ආසාදිතයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2798 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් ආසාදිතයින් 138 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News