හදිසි අනතුරුවලදී මරණයට පත්වන, තුවාල ලබන සේවකයන්ට ලබාදෙන වන්දි මුදල වැඩි කිරීමට පියවර

Share

සේවයේ යෙදී සිටිය දී හදිසි අනතුරුවලට භාජනය වී මරණයට පත්වන හා තුවාල ලබන සේවකයන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීමට කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

හදිසි අනතුරුවලට භාජනය වන සේවකයින් සඳහා දැනට ගෙවන වන්දි මුදල රුපියල් 5,50,000කි. කර්මික අනතුරුවල දී විපතට පත්වන සේවකයින්ට ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීම සඳහා  කර්මාන්තශාලා ආඥා පනත සංශෝධනය කිරීමට යන බව අමාත්‍යාංශයේ ලේකම් නිමල් සරණතිස්ස මහතා පැවසීය.

කර්මාන්තශාලා ආඥා පනත යටතේ දැනට වන්දි හිමිවන්නේ කර්මාන්ත ශාලාවල සේවයේ දී හදිසි අනතුරුවලට ලක් වන අයට පමණි. එහෙත් පනත සංශෝධනය කිරීමේ දී එයට ඉදිකිරීම් අංශවල සේවකයින් ද අතුළත් කෙරෙණු ඇතැයි ලේකම්වරයා කීය.

Read more

Local News