නිදහස් සැමරුම හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Share

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පැවසුවේ ගාල්ලේ පැවැත්වෙන 70වැනි නිදහස් සැමරුම හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවයි.

ගාල්ල දිස්ත්‍රික් නිදහස් දින සැමරුම, දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 8.00 සිට ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්වීමට සූදානම් කර ඇත.

මෙම උත්සවයේ පෙරහුරුව හෙට (3) 9.00ට පවැත්විමට නියමිතය.

ඒ අනුව නිදහස් උත්සවය පැවැත්වෙන 4 වැනි දින පෙ.ව 7.00සිට 11.00 දක්වා සහ පෙරහුරුව තිබෙන හෙට දින (03) පෙ.ව. 8.00 සිට 12.00 දක්ව කාලය තුළ පමණක් කොළඹ සිට මාතර දක්වා ගාලු පාර භාවිතා කරන වාහනවලට විකල්ප මාර්ග භාවිත කිරීමට සැලසුම් කර තිබේ.

Read more

Local News