අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක මිලගණන් අඩු කිරීමට පියවර

Share

පෙබරවාරි 4වැනි දාට යෙදෙන හැත්තෑවැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක මිලගණන් වහාම අඩුකිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ ‍මෙම මිලගණන් අඩුකිරීම එළඹෙන පෙබරවාරි මස හත් වැනි දා දක්වා ක්‍රියාත්මක වන අතර ලංකා සතොස මෙගා අලෙවිසල් ඇතුළු ලංකා සතොස අලෙවිසල් මගින් ලබා ගත හැකි බවයි.

මේ අනුව බාස්මතී සහල් කිලෝව රුපියල් 120ක මිලකටත්, සුදුකැකුළු සහල් කිලෝවක් රුපියල් 60ක මිලකටත්, කැඩුනු සහල් කිලෝවක් රුපියල්ට 59කටත්, පරිප්පු කිලෝවක් 159කටත්, මුං ඇට කිලෝවක් රුපියල් 195කටත් ලොකු ලූණු කිලොවක් රුපියල් 110ක මිලකටත්, මිරිස් කරල් කිලෝව රුපියල් 220කටත් ලංකා සතොස ශාඛාවලින් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලබා දී ඇත.

 

Read more

Local News