පොල්, කිතුල් ,තල් හා රබර් වගා ප්‍රවර්ධනයට නව වැඩපිළිවලක්

Share

විදේශ විනිමය ඉපයීමේ නව ප්‍රවේශයක් විවෘත කිරිමේ අරමුණින් කිතුල් හා තල් ප්‍රධාන අපනයන බෝග අතරට එක්කර මෙම සියලු වගාවන් ප්‍රවර්්ධනය කිරීමේ නව වැඩපිළිවලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදුනවා දී තිබේ.

 

පොල්, කිතුල් ,තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රීත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළ අතර එහිදී මෙම වගාවන් ප්‍රවර්ධනයට ඇති බාධා ඉවත් කර, නිෂ්පාදන ක්‍රියාවලිය දිරි ගන්වන ලෙසට උපදෙස් දෙන ලදී.

කිතුල් සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවන ලෙස සහ තල් ගස් කැපීම තහනම් කිරීම සදහා පනවා ඇති නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ද,කෙටි කාලයකදී ලගා කරගත යුතු ඉලක්ක සැලසුම් කරන්නැයි ද, ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

උතුරු නැගෙනහිර ඇතුළුව හඳුනා ගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසයි.

නායයෑමට ලක් වූ ප්‍රදේශ වල කිතුල් වගාව ප්‍රවර්ධනයට ද, රබර් අපනයනයෙන් ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 2000ක් දක්වා වර්ධනය කිරීමටත්, බෑවුම් ප්‍රදේශ වල ෆයිනස් වගාව වෙනුවට රබර් වගා කිරීමටත්, ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.

එමෙන්ම ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගනු ලැබූ පුරන් කුඹුරු වගාවට යොදා ගන්නා ලෙස ද, මෙහිදී උපදෙස් දී තිබේ.

මේ අතර පොල් සඳහා ස්ථාවර මිලක් නියම කිරිම කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාද්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News