වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

Share

ගල්කිස්ස, සේරම් පාර ප්‍රදේශයේ ලැගුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පූගොඩ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (26) සවස මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි තායිලන්ත සහ චීන ජාතිකයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මින් එක සැකකරුවෙකු සන්තකයේ තිබී නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් ද සොයා ගෙන ඇත.

මොවුන් සියලු දෙනා වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන් අද(27) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News