මාලදිවයිනේ සහ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ලාංකිකයින් 186ක් දිවයිනට

Share

කොවිඩ් නයින්ටින් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ සහ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 186 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

අද(27) දහවල් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 160 දෙනෙකු ද අද දහවල් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

දිවයිනට පැමිණි ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ දී පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

Read more

Local News