නවක නිර්මාණ ශිල්පීන්ට සාහිත්‍ය කලා වැඩමුළුවක්

Share

නවක නිර්මාණ ශිල්පීන්ට රුකුලක් වනු වස් ‘ පහන් ටැඹ සාමූහිකය’ ප්‍රාදේශීය වශයෙන් මෙහෙයවන එක් දින සාහිත්‍ය කලා වැඩමුළුවක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ.

 

එය 2020 සැප්තැම්බර් මස 26 වැනිදා දවස පුරා මාතලේ පුරවරයේදී පැවැත්වෙන අතර මෙහිදී කවිය, කෙටි කතාව, ගීත රචනය හා චිත්‍ර වැනි අංශයන් පිළිබද ක්‍‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග අත්දැකීම බෙදාහදා ගැනීමට හැකියා ලැබේ.

මේ සදහා සම්බන්ධ වීමට කැමති ආධුනික ශිල්පීන් තමන්ගේ නම, ලිපිනය හා දුරකථන අංකය පහත ආකාරයට පහන් ටැඹ සමූහය විසින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් කණ්ඩායම වෙත පණිවාඩයක් මගින් දැනුම් දීමෙන් හෝ Pahantemba 2020@gmail.com වෙත විද්‍යුත් පණිවිඩයක් එවීමෙන් තමන්ගේ සහභාගීත්වය තහවුරැ කළ හැකිය. මෙම වැඩමුථුව සදහා සහභාගි වන්නේ නම් එලෙස සහභාගීත්වය තහවුරු කිරීම අනිවාර්යය වේ.

Read more

Local News