ආනවිලුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්

Share

ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් ඉස්සන් වගාව සඳහා ඩෝසර් කර එළිපෙහෙළි කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

ඒ අනුව ඔවුන්ව සැප්තැම්බර් මස 4 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා අද පෙරවරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ(28) අත්අඩංගුවට ගැණුනි.

Read more

Local News