සිසුවෙකුට දඬුවම් කළ නිසා ගුරුවරයෙකුට පහර දෙයි

Share

කල්පිටිය – ආලංකුඩා මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරයෙකුට පහරදී ඇති බව වාර්තා වේ.

ඒ සිසුවෙකුට දඬුවම් කළ බවට කුපිත වූ පුද්ගලයන් 06 දෙනෙකු පාසලට පැමිණ එම විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරයා ලෙස කටයුතු කරන ගුරුවරයෙකුට මෙලෙස පහර දී අැත.

අදාළ ගුරුවරයා රෝහල් ගත කර ඇති අතර, ගුරුවරයා පොලීසියට සඳහන් කර ඇත්තේ අදාළ සිසුවා සිසුවියන්ට නොහොබිනා ආකාරයෙන් උසුලූ විසුලූ කිරීම නිසා ඔහුට අවවාද කළ බවත්, එයින් පළක් නොවූ නිසා දඬුවම් කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ බව කියන සිසුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News