සැප්තැම්බර් 17 සිට කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය වෙයි

Share

නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් ලෙස කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරම්භ කෙරිණි.

 

ඒ අනුව සැප්තැම්බර් 17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිතය.

සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා හා අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ප්‍රකාශ කර සිටියේ කොවිඩ් නයින්ටීන් හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අඩපණ වුවද, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණ වූ කොටස් වෙළඳපොළ නව මුහුණුවරකින් ලෝකය සමඟ ගනුදෙනු කිරීමට සූදානම් බවයි.

එසේම රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සුවපහසු මෙන්ම කාර්යක්ෂම සේවයක් කොළඹ කොටස් වෙළඳපොළ ඔස්සේ ලබාදීම සිය ප්‍රමුඛ අරමුණ බව ද ඔවුහු පැවසූහ.

Read more

Local News