Home විශේෂාංග පුවත් රෝග රැසකට ගුණ දෙන මුරුංගා

රෝග රැසකට ගුණ දෙන මුරුංගා

0
රෝග රැසකට ගුණ දෙන මුරුංගා

මුරුංගා ගැන ඔබ දන්නවා ද ? මුරුංගා රසවත් වෑන්ජනයකි. එහෙත් මුරුංගා මෙතරම් ශරීරයට ගුණදායක දැයි බොහෝ දෙනා නොදනී.

 

මුරුංගා කරල් ව්‍යංජනයක් ලෙසිනුත් කොළ මැල්ලුමක් ලෙසිනුත් ආහාරයට ගත හැකියි. ඒ වගේම ඖෂධ ලෙසින්ද මුරුංගා අපේ ජීවිතයට බෙහෙවින් සමීපයි.

තවමත් වස විෂ නැති වගා බෝගයක් ලෙසින් මුරුංගා ඉතා වැදගත් තැනකට පත්ව තිබේ.

කිසිම කෘෂි රසායනිකයක් එකතු නොකර ස්වාභාවිකව වැවෙන මුරුංගා ගසේ කරල් පමණක් නොව මල්, පත්‍ර පවා ආහාරයට ගනු ලබන අතර ඒ සියල්ලම අතිශයින් ගුණදායකයි.

පෝෂණීය සංඝටක රැසක් මිනිස් සිරුරට අවැසි ප්‍රෝටීන් අවශ්‍යතාවය නිර්මාංස ආහාර මගින් සපුරා ගැනීමට කැමති අයට එය ඒ අයුරින් ලබා ගැනීමට මුරුංගා වලින් හැකියි.

මුරුංගාවල ප්‍රෝටීන් පමණක් නොව කිසිවකට නොදෙවෙනි විටමින් හා ක්ෂුද්‍ර පෝෂණ ප්‍රභවයක් ද අන්තර්ගත වෙයි.

  • දොඩම් ගෙඩියක මෙන් හත් ගුණයක් මුරුංගා කරලක විටමින් C තිබේ.
  • කැරට් මෙන් 4 ගුණයක් විටමින් A තිබේ.
  • කිරි විදුරුවක මෙන් 4 ගුණයක් කැල්සියම් ද ප්‍රෝටීන් ද තිබේ.
  • කෙසෙල් ගෙඩියක මෙන් තුන් ගුණයක් පොටෑසියම් ඇත.
  • නිවිති මෙන් තුන් ගුණයක් විටමින් E පවතී.
  • අමන්ඩ්වල මෙන් තුන් ගුණයක් මෙන් යකඩ පවතී.

මුරුංගා ආහාරයට ගැනීම මඟින් රෝග රැසකට සුවය ගෙන දෙයි.

  • මෙම මුරුංගා වල ප්‍රතිදේහ ගුණය ඉතා ඉහළය. පිළිකා නසන ගුණය පවතී.
  • ප්‍රතිඔක්සිකාරක ගුණය ඇත.
  • අධි රුධිර පිඩනය පාලනයට සමත් වේ.
  • කොලෙස්ටරෝල් අඩු කරයි.
  • දියවැඩියාව පාලනය කරයි.
  • රක්තහිනතාව අඩු කරයි.
  • තයිරොයිඩ් ග්‍රන්ථ ආශ්‍රිත රෝග සමනය කරයි.
  • අක්මාව ආශ්‍රිත රෝග සමනය කරයි.
  • ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග තිබේ නම් ඒවා දුරු කිරීමට ඉතාම හිත කරයි.
  • සන්ධිගත රෝගීන්ට ඉතාම සුදුසුයි.
  • ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග එනම් හිසරදය, මිමැස්මොරය, වැනි රෝගවලින් පෙළෙන අයට ඉතා හිතකරයි.
  • මුත්‍රා ගල් සුවයට හිතකරයි.
  • ප්‍රතිශක්තිය වඩවයි.
  • සමේ රෝග සුවයට හිතකරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here