පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ පැමිණෙයි

Share

හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි තිබේ.

 

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(02) පෙරවරුවේ ඔවුන් දෙදෙනා ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ඇත.

ආශු මාරසිංහ මහතා පාස්කු කොමිසමේ පොලිස් ඒකකය වෙත ලිපියක් භාර දීමෙන් පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ වන විටත් පොලිස් ඒකකයේ රැඳී සිටිමින් ප්‍රකාශය ලබාදෙමින් සිටින බව වාර්තා වෙයි.

Read more

Local News