ගිනි ගැනීමට ලක්වන නැවේ තුවාල ලැබු නාවිකයෙක් බේරා ගැනේ

Share

සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක අද(03) උදෑසන ගින්නක් හටගෙන තිබේ.

 

ගිනි ගනිමින් පවතින නෞකාවේ සිටි තුවාල ලැබු නාවිකයෙක් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙනැවිත් තිබේ.

මේ වන විට ගිනි ගනිමින් පවතින නෞකාවේ සිටි කාර්යය මණ්ඩලයේ 18 දෙනෙක් වෙනත් නෞකාවකට යොමු කළ බව වාර්තා වේ.

පැනමා රාජ්‍යයට අයත් “MT NEW DIAMOND“ නම් වූ නෞකාවක එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.

මෙම නෞකාව නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාවට අයත් නිරීක්ෂණ යානාවක්ද එම ස්ථානයට පිටත්ව ගොස් තිබේ.

Read more

Local News